අද නුවරඑළියට මල්තුහින

අද නුවරඑළියට මල්තුහින

හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙහි ඇතම් ඡායාරූප මීට පෙර නුවරඑළියට මල්තුහින තත්වයේ ඡායාරූප බව සලකන්න