ප්‍රියන්තගේ තනතුරට අලුත් ශ්‍රී ලාංකිකයෙක්

ප්‍රියන්තගේ තනතුරට අලුත් ශ්‍රී ලාංකිකයෙක්

පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේදී තමා සේවය කරමින් සිටි කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ අමානුෂික පහරදීමෙන් මරුමුවට පත් වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මේ බව හෙළිවී ඇත්තේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගේ ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහෙමුද් අෆ්රාෆි සහ මවුලානා තරීක් ජමීල් නම් ආගමික නායකයා පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම සමග පැවති හමුවකදීය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අෂ්රෆි කියා සිටියේ කුමාරගේ දරුවන්ගේ අධ්‍යාපන වියදම් කර්මාන්තශාලා හිමිකරු විසින් පොරොන්දුවූ පරිදි දරනු ඇති බවයි.