ගෑස් කාන්දුවක් නිසා කුකුළු පැටවුන් තුන්දහසක් මියයයි

ගෑස් කාන්දුවක් නිසා කුකුළු පැටවුන් තුන්දහසක් මියයයි

පල්ලෙගම, එළිබිච්චිය ප්‍රදේශයේ කුකුළු ගොවිපොලක අද අලුයම ඇතිවූ ගින්නකින් කුකුළු පැටවුන් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇති බවයි හිමිකරුවන් සදහන් කළේ. මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් අක්කර 17 ක භූමි ප්‍රදේශයක මෙම කුකුළු ගොවිපොල පවත්වාගෙන ගොස් තිබුණා.

කුකුළුපැටවුන්ට අවශ්‍ය උණුසුම ලබාදීම සදහා සකස්කර තිබූ ගෑස් සිලින්ඩර් කීපයකින් ඇතිවූ කාන්දුවක් නිසා මෙම ගින්න ඇතිවන්නට ඉඩ ඇති බවයි පන්නල පොලීසිය ද සදහන් කළේ. මීගමුව නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ පන්නල පොලීසිය එක්ව ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබුණා.