ලොව පළමු කෙටි පණිවිඩයට ඩොලර් 150,000ක්

ලොව පළමු කෙටි පණිවිඩයට ඩොලර් 150,000ක්

’ප්‍රීතිමත් නත්තලක්’ යනුවෙන් ලොව ප්‍රථම කෙටි පණිවිඩය වෙන්දේසියේදී ඩොලර් 149,729කට අලෙවි වී ඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කරයි.

ලොව ප්‍රථම කෙටි පණිවිඩය වුයේ ‘Merry Christmas’ යන්නයි එය 1992 දෙසැම්බර් මස 3 දින වෝඩාෆෝන් දුරකථන ජාලය භාවිතා කරමින් වයස 22 වයසැති නීල් පැප්වර්ත් නම් එංගලන්තයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විසින් යවා ඇති අතර වෝඩාෆෝන් සේවක රිචඩ් ජාර්විස් වෙත එය යවනු ලැබීය.

දෙසැම්බර් 21 වෙනි දින වෝඩාෆෝන් සමාගම විසින් කෙටි පණිවිඩය NFT{එන්.එෆ්.ටී} එකක් ලෙස වෙන්දේසි කර ඇති අතර, වෙන්දේසියෙන් ලැබෙන ආදායම අවතැන් වූ පුද්ගලයන්ට සහාය වීම සදහා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට ලබාදී ඇත.

ප්‍රථම කෙටි පණිවිඩය අඟහරුවාදා දින යුරෝ 132,680 (ඩොලර් 149,729) කට පැරිස් වෙන්දේසි ආයතනයකදී වෙන්දේසි විය .සාර්ථක ලංසුකරු ලොව ප්‍රථම කෙටි පණිවිඩයේ සවිස්තරාත්මක සහ අද්විතීය අනන්‍ය අනුරුවක තනි අයිතියට හිමිකම් කියනු ඇත.

ප්‍රංශයේ පළමු ස්වාධීන වෙන්දේසි ආයතනය වන අගුට්ස් විසින් 2021 දෙසැම්බර් 21 වන දින පැරිසියේදී වෙන්දේසිය පවත්වනු ලැබ ඇත.

https://cnn.it/3J8wd37