කවුරුවත් දන්නෙ නෑ ,දැන් රිදී තිරයේ

කවුරුවත් දන්නෙ නෑ ,දැන් රිදී තිරයේ

බෙනට් රත්නායකගේ පස්වැනි සිනමා නිර්මාණය ‘කවුරුවත් දන්නෙ නෑ’ චිත්‍රපටයයි.

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව නැගී සිටින පොලිස් නිළධාරියෙකුගේ අත්දැකීමක් පිළිබඳව නිර්මාණය වූ චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටය ආරම්භ වන්නේ පොල් ගෙඩි 8ක් සොරකම් කර පරිවාසයට යන ගැහැනු ළමයෙකුගේ සිදුවීමක් පාදක කරගනිමින්ය. සමාජීය ප්‍රශ්න පිළිබඳව පෙන්වාදෙන ‘කවුරුවත් දන්නෙ නෑ’ චිත්‍රපටයේ බිමල් ජයකොඩි , සංගීතා වීරරත්න, උදාරි වර්ණකුලසූරිය, ලකී ඩයස්, කුමාර තිරිමාදුර, බුද්ධික ජයරත්න, ගිහාන් ප්‍රනාන්දු, බුද්ධදාස විතානාරච්චි, දුලීකා මාරපන ඇතුළු ප්‍රතිභාපූර්ණ නළු නිළි රැසක් මෙයට රංගනයෙන් දායක වෙති. මේ චිත්‍රපටය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවල සාර්ථක ලෙස ප්‍රදර්ශනය කර ඇත.

කවුරුත් දන්නෙනෑ” ඊයේ (22 ) වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.