බේරේ වැව පවිත්‍රකරණයට

බේරේ වැව පවිත්‍රකරණයට

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කර තිබෙනවා.

අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බලා තිබෙනවා.