චිලි ජනපතිකම අවුරුදු 35ක තරුණයෙකුට

චිලි ජනපතිකම අවුරුදු 35ක තරුණයෙකුට

වාමාංශික සහ විප්ලවාදී තරුණයෙකු වන 35 හැවිරිදි ග්‍රේබ්‍රියෙල් බෝර්ක් චිලි රාජ්‍යයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඒ අනුව ඔහු එරට ලාබාලතම ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බවය.

ග්‍රේබ්‍රියෙල් බෝර්ක් සියයට 56 ක ඡන්ද ප්‍රතිශතයක් ගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ ජෝස් ඇන්ටෝනියෝ කස්ට්ට හිමි වී ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 44 කි.

ඒ අනුව ඔහු 2022 වසරේ මාර්තු මස 11 වනදා චිලි රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

2011 වසරේදී චිලි රාජ්‍ය අඩපණ කිරීමට සමත් වුනු එරට අධ්‍යාපන අරගලවලට නායකත්වය දුන් විප්ලවවාදී තරුණයෙකු ලෙස ග්‍රේබ්‍රියෙල් බෝර්ක් සැලකේ.

එහිදී හිටපු ඒකාධිපති පිනෝෂේ ගේ ව්‍යවස්ථාව තව දුරටත් පවත්වාගෙන යාම සඳහා සටන් කල José Antonio Kast(44%) හට අන්ත පරාජයක් හිමි විය. ඒ අනුව වමේ අපේක්‍ෂක ග්‍රේබ්‍රියෙල් බෝර්ක් 56%ක් ලබා ගනිමින් මෙම ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වී ඇත.

https://bit.ly/3J3RyL3