අද 18 දෙනෙක් කොවිඩ් මරුවාට බිලිවෙයි

අද 18 දෙනෙක් කොවිඩ් මරුවාට බිලිවෙයි

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (18) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,752කි.

එමෙන්ම තවත් කොරෝනා ආසාදිතයින් 430ක් මෙරටින් වාර්තා වනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 579,564ක්.