හොඳම කෙටි චිත්‍ර පටය “පොට්ටු”

හොඳම කෙටි චිත්‍ර පටය “පොට්ටු”

තුන්වැනි වරටත් සංවිධාන කළ “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ” ජාතික අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස නවයුගා කුගරාජාගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “පොට්ටු” ඉකුත් දා සම්මානයට පාත්‍ර විය.

ඒ සඳහා නිර්දේශ වූ අනෙක් කෙටි චිත‍්‍රපට වූයේ ඉරුෂි තෙන්නකෝන්ගේ ‘ඇනිමේට් හර්’ සහ නිල්මිණි පෙරේරාගේ ‘තව මාස දෙකයි’ නම් වූ චිත‍්‍රපට ය.

Pottu, Sri Lankan Tamil Short Film 

කොළඹ, ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ දී මෙන්ම මාර්ගගත ක්‍රමයට ද දින 11 පුරා මෙම සිනමා උලෙළ පවත්වා තිබෙනවා.

Pottu, Sri Lankan Tamil Short Film 

එහිදී ජාත්‍යන්තර අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ ඉන්දීය ජාතික සුර්බි දේවන්ගේ “An open sky” චිත්‍රපටය යි.

“An open sky”

ජීවිතයේ එක් වරක් පිදෙන Lifetime Achievement Award සම්මානයෙන් පුද ලැබුවේ සිනමාපට 400කට අධික සංඛ්‍යාවක් සඳහා සිය නිර්මාණ දායකත්වය ලබාදුන් ලාංකේය සිනමාවේ පළමු සංගීත අධ්‍යක්ෂවරිය වන විශාරද ආචාර්ය සුජාතා අත්තනායක වෙත මෙවර යාවජීව සම්මානය පුද කෙරුණි.

Pottu, Sri Lankan Tamil Short Film 👇