පුෂ්පිකා මවගේ උපන්දිනය දවසේ කරපු වැඩේ

පුෂ්පිකා මවගේ උපන්දිනය දවසේ කරපු වැඩේ

විවාහක රූ රැජින කිරුළ වෙනුවෙන් සටන් කළ නිසාම පුෂ්පිකාද සිල්වා ගැන නොදන්නා කෙනෙක් නැහැ , ඇයගේ මවගේ උපන්දිනය 16 වෙනිදා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් එක් කර තිබෙනවා ,එය පහතින්

මගේ ආදරණීය අම්මේ….

ඔබ, මේ ලෝකයේ මෙතෙක් මා දුටු ශක්තිමත්ම සහ විශ්වාසවන්තම ගැහැණියයි. ඉතාමත් ආදරණීයම කාන්තාවයි.

මා බිහිකලේ ඔබයි. මා නිර්මාණය කළේ ද ඔබයි. ඇද වැටෙන සියලු තැන්වල දී මට මහා ශක්තියක් වූයේ ඔබයි.

මගේ සාර්ථකත්වයේ රහසත් ඔබයි. මා ජයග්‍රහණය ලබා ගන්නා තුරු මා අත් නොහැර මගේ පසුපසින් සිටි යෝධ බලය ඔබයි.

මේ ලෝකයේ හැම දියණියකට ම ඔබ වැනි අම්මා කෙනෙකු ලැබේවා යැයි මම සැමවිටම ප්‍රාර්ථනා කරමි. එසේම හැකි උපරිමයෙන් මම මගේ පුතුට ඔබ වැනි මවක් වන්නට උත්සාහ කරමි.

ඉතින් ඔබ මට තිළිණ කළ මේ සුන්දර ජීවිතය වෙනුවෙන් මම ඔබට සෑම දිනකම ස්තුතිවන්ත වෙමි.
ආදරෙයි මගෙ අම්මේ..! ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා..!

– පුෂ්පිකා ද සිල්වා –