උඳුවප් පුර පසළොස්වක පෝය අදයි

උඳුවප් පුර පසළොස්වක පෝය අදයි

2021 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි.

ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැලකීමේ ගුණය පෙන්නුම් කළේ අද වැනි දිනකය. සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය ශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛාව වැඩම කළේ ද අද වැනි දිනකය.

ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි.

ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ඇරඹීමයි. පැල්මඩුල්ලේ සිට සමන් දේව ආභරණ පෙරහැරකින් සිරිපා මළුවට රැගෙන ගොස් තැන්පත් කරන්නේ එදිනටය. ඉන්පසු ඇරඹෙන සිරිපා සමය මාස පහකට (වෙසක් පොහොය වන තෙක්) ආසන්න කාලයක් පවතී.