ආදරයේ 27 සැමරූ සේමිණි…

ආදරයේ 27 සැමරූ සේමිණි…

ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ සහ ධම්මික ඉද්දමල්ගොඩ ඉකුත් 15 වැනිදා සිය 27වන විවාහ සංවත්සරය සැමරුවා.
ඔවුන් දෙපළට, My News Lanka අපගේ සුභාශිංශන මෙසේ පිරිනමමු.
————
ඒ වෙනුවෙන් පැවැත්වූ සාදයට සහභාගි වූ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ විසින් ඡායාරූප කිහිපයක් සමඟින් ෆේස්බුක් සටහනක් තබා තිබුණා.
(එම සටහන හා ඡායාරූ පහතින් 👇)
සේමිණීගේ සහ ධම්මිකගේ 27 වන විවාහ සංවත්සරය…
සම්මානනීය ප්‍රවීණ සිනමා නිළියක වන සේමිණී ඉද්දමල්ගොඩ සහ දක්ෂ පොලිස් නිළධාරියෙකු වන ධම්මික ඉද්දමල්ගොඩ ඉකුත් 15 වැනිදා සිය 27 වන සංවත්සරය සැමරූ අතර අතැඟිලි ගණනටත් වඩා සීමිත පිරිසක් සමග පැවැත්වුණු ඔවුන්ගේ විවාහ සංවත්සර සාදය සඳහා මම ද සහභාගී වුණෙමි.
සේමිණී මගේ පැමිණීම ගෞරවයෙන්ම අපේක්ෂා කළ අතර මා මගේ කැමරා උපාංග ද සියල්ලම පාහේ රැගෙන මා එහි යන විට ඇය මහත් සේ සතුටට පත්ව මට බෙහෙවින් කෘතඥපූර්වක වූවාය.
ඔවුන්ගේ එකම දියණිය කුමලිගේ කුඩා කල මා ඔවුන්ගේ ඡායාරූප ගෙන ඇතත්, මෙසේ ඔවුන්ගේ නිසි ලෙස ආලෝකගන්වා මෑතකදී පවුලේ ඡායාරූපයක් ගත් පළමු අවස්ථාව උදාවූවේ එදින ය. එනිසාම එම ඡායාරූපයන් කිහිපයක් මෙසේ ඔවුන් හට විවාහ සංවත්සරයට ද යළි යළිත් සුබ පතමින් මේ සමග තිළිණ කරන්නෙමි.
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹෙන්නට ඔවුන් තිදෙනාටම මගේ සුබාසිරි මේ සමගින් පිළිගන්වන්නෙමි !!! – දයාන් විතාරණ.