ජයශ්‍රී ට , අරුණ ලියාන් වාරණයක් දමයි

ජයශ්‍රී ට , අරුණ ලියාන් වාරණයක් දමයි

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් අදාළ තහනම් නියෝගය ජය ශ්‍රී සංගීත කණ්ඩායම වෙත පනවනු ලැබුවේ එම කණ්ඩායමේ සිට පසුව වෙන් වූ එම කණ්ඩායමේ ම ගායකයෙකු වන අරුණ ලියාන් විසින් ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්

අරුණ ලියාන්

ඒ අනුව ප්‍රාර්ථනා, සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ් ගොවියා, ආදර ලොවේ අපි හමු වුණේ, සියුමැලි, ශීලා, සුන්දරියේ ගෝමරියේ, මම මන්කි හනුමන්තා ඇතුළු ගීත 20ක් ජය ශ්‍රී නමින් සිය තනි නිර්මාන වශයෙන් ගායනා කිරීම මෙම කණ්ඩායමට වාරණය වනු ඇති.

මෙම වාරණය අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන රිංගිං ටෝර්න්ස් වශයෙන් භාවිතා කිරීමටද බල පැවැත්වෙනු ඇති.