සාප්පු සවාරි යෑම අවම කරන්න

සාප්පු සවාරි යෑම අවම කරන්න

උත්සවය සමය තුළ සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ එකම භාණ්ඩය කිහිපදෙනෙකු ස්පර්ශ කිරීම හේතුවෙන් ද කොවිඩ් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.

“වෛරසය ශරීර ගතවූ පුද්ගලයෙක් අතේ තැවරුණු පුද්ගලයෙක් එවැනි භාණ්ඩයක් ඇල්ලුවොත් අඩුම ගානේ විනාඩි කිහිපයක් හෝ එම වෛරසය අදාළ පෘෂ්ඨය සක්‍රීය තිබෙන බව කවුරුත් දන්නා දෙයක්.

එවැනි තත්ත්වයක් නිසා තමයි අපි කියන්නේ මේ වෙළෙඳසැල්වල බඩු භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමේ දී, පරිහරණය කිරීමේ දී හැකි පමණ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් කරන්න ඕනේ.

ඒ වගේම තමා මේ කාලය තුළ අධික ජනග්‍රහනයක් සාප්පු සවාරි යන සමයේ අපි මේ මිල දී ගැනීම කළ යුතුම දෙයක් නම් මිසක් අපි මේ අවස්ථාවේ කල්දමන එක වැදගත් වෙනවා.

එසේ නොකළහොත් සිද්ධාන්තික වශයෙන් එවැනි අතපත ගෑමක් හරහා වුවත් රෝගයෙන් බෝවීමට හැකියාවක් නැතුවා නොවේ.”