ටිපර් රථයක් යකඩ යකාගේ ගැටෙයි

ටිපර් රථයක් යකඩ යකාගේ ගැටෙයි

මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දී ටිපර් රථයක් දුම්රියක ගැටී අද උදෑසන අනතුරක් සිදු වුණා.

මේ හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබුණා.

මීරිගම දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන දුම්රියක් සහ ලොරි රථයක් ගැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට පැවති බාධා මේ වනවිට ඉවත් කර තිබෙනවා.

ටිපර් රථයේ රියදුරා මේ වනවිට වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි තවත් පුද්ගලයෙකු ගමන් කර ඇති බවට පොලිසියට සැකයක් පවතින බව ද සඳහන්.