සෞඛ්‍ය නීතී කඩ කළොත් රැපිඩ් ඇන්ටිජන්

සෞඛ්‍ය නීතී කඩ කළොත් රැපිඩ් ඇන්ටිජන්

එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

විශේෂයෙන්ම මුව ආවරණ නොපළඳින සහ පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු නොකරන පුද්ගලයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු වැඩිදුරටත් පැවසීය.