ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නවාද ? නැද්ද ?

ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය  ගන්නවාද ? නැද්ද ?

දැනට මතුව ඇති ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා ආරම්භ කළ යුතු බවට කැබිනට් අමාත්‍යවරු රැසක් යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඊයේ (13) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්විය.

පස්වරු 05ට පමණ ආරම්භ වූ අමාත්‍ය මණ්ඩල රැස්වීම රාත්‍රී 09.30 දක්වා පැවති බව වාර්තා වේ.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරු කිහිපදෙනෙකු අදහස් දක්වා ඇති අතර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර අරමුදලට ගියහොත් එහි කොන්දේසිවලට එකඟවීමට සිදුවනු ඇති බවය.

එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් සුදුසු බව තවත් මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.