ආසියාවේ රැජින ලංකාවෙන් හමුවෙයි

ආසියාවේ රැජින ලංකාවෙන් හමුවෙයි

ආසියාවේ රැජින ‘කුවින් ඔෆ් ඒෂියා’ ලෙස නම් කළ මේ වනවිට හඳුනාගෙන ඇති ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරටින් හමු වී තිබෙනවා.

මෙම නිල් මැණික කිලෝ ග්‍රෑම් 310ක බරකින් යුක්ත වන අතර, එය කැරට් 1,550,000කින් යුතු බවයි වාර්තා වන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙම මැණික හමුවී තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කලේ එම මැණික් ගල නිරීක්ෂණය සඳහා මේ වනවිටත් නිළධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි.