අන්තර්ජාතික The Voice කිරුළ උමාරියා ගේ කණ්ඩායමේ හරිත් විජයරත්නට.

අන්තර්ජාතික The Voice කිරුළ උමාරියා ගේ කණ්ඩායමේ හරිත් විජයරත්නට.

හරිත් විජේරත්න – ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ , ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තේය
ඒ ඊයේ (11) රාත්‍රි පැවති අවසන් මහා තරගයේදී ය.

ශ්‍රී ලාංකේය දක්ෂතම හඬ පෞරුෂය සොයා ගිය ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ අවසාන මහා තරගය ඊයේ රාත්‍රි පැවැත්වුණේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයෙදීය.

වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනු හරිත් විජේරත්න සිය ෆේස් බුක් ගිණුමේ සිය ජයග්‍රහණය පළිබඳ අදහස් දක්වා තිබුණේ මෙලෙසින්

“The Voice සිහිනය සැබෑවක්ම විය. ඔබ සියලුදෙනා නොසිටින්නට එය සිහිනයක්ම වන්නට තිබුණි. ඔබේ ආදරයට, විශ්වාසයට මම අතිශයින් ස්තුතිවන්ත වෙමි.
සුබ රාත්‍රියක්!”