කොළඹ පරදා යාපනයට ජය

කොළඹ පරදා යාපනයට ජය

එල්.පී.එල්. තරගාවලියට අදාළ ව ඊයේ පැවති තරගයක දී කලම්බු ස්ටාර්ස් පිල පරදවා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

වර්ෂාව නිසා පන්දු වාර 18කට සීමා වූ එම තරගයේ දී ජැෆ්නා කිංග්ස් පිල කඩුලු හයකට ලකුණු 207ක් රැස් කළ අතර, කලම්බු ස්ටාර්ස් පිල පන්දු වාර 15යි පන්දු 5ක දී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ, ලකුණු 114ක් පමණයි.