ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවන් 8ක් අත්අඩංගුවට.

ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවන් 8ක් අත්අඩංගුවට.

පාකිස්ථානයේ සියල්කොට් හිදී සිදු වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළ තවත් ප්‍රධාන සැකකරුවන් 8 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඝාතන සිද්ධියේ CCTV දර්ශන සහ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එම සැකකරුවන් 8 දෙනා හඳුනාගත් බවයි

ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන විත්තිකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 132 නෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

https://bit.ly/3pGScVX

පාකිස්ථානයේ සියල්කෝට්හිදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ගනේමුල්ල කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ගනේමුල්ල පොල්හේන සුසාන භූමියේදී අවසන් කටයුතු අද  සිදු කිරීමට නියමිතයි.

මේ අතර අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නා හිමියන් විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත ලිපියක් යවමින් ප්‍රියන්ත කුමාර මහතාට සාධාරණය ඉටු කර දෙන ලෙස සඳහන් කර තිබෙනවා.