කඳාන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසයි.

කඳාන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසයි.

කඳාන උප දුම්රිය ස්ථානය අද (07) පස්වරුවේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

අදාළ දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු උප දුම්රිය ස්ථානාධිපතිවරයා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බැවින් එම තීරණය ගත් බවයි එම දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ අනුව කඳාන උප දුම්රිය ස්ථානය විෂබීජහරණය කර, නැවතත් සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන තෙක් වසා තැබීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත්තේ.

COMMENTS