අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම සිනමාපටය “භව තරණය” දැන් රිදී තිරයේ

අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම සිනමාපටය “භව තරණය” දැන් රිදී තිරයේ

දේවින්ද කෝන්ගහගේගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන “භව තරණය” (දෙසැම්බර් 03) සිට ප‍්‍රදර්ශනය ඇරඹේ.
2015 දිල්ලි අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම සිනමාපටය ලෙසද, 2018 චීනයේ ගෝල්ඩන් කයිට් අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙසද “භව තරණය” චිත්‍රපටය සම්මානනීය වී ඇත.

ක්‍රිස්තු වර්ෂ 1747 සිට 1760 දක්වා ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පාලන සමයේ සිදු වූ විවිධ දේශපාලන හා සාමාජීය සිදුවීම් “භව තරණය” චිත්‍රපටය සඳහා පාදක කරගෙන ඇත.

නිළි රැජන මාලිනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, උදයන්ති කුලතුංග, රොෂාන් පිලපිටිය, රොෂාන් රවීන්ද්‍ර, චන්දික නානායක්කාර, කුමුදු නිශාන්ත, ශ්‍රීමාල් වෙඩිසිංහ, කංචන කොඩිතුවක්කු, සංකේත් වික්‍රමගේ, දර්ශන් ධර්මරාජ්, චිත්‍රා වරකාගොඩ, දීපානි සිල්වා රිචඩ් මානමුදලි යන රංගන ශිල්පීන් ශිල්පිනියන් රාශියක් “භව තරණය” චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී ඇත.