කෝටිපතිනියන් අතර ලොව ලාබාලතම කෝටිපතිනිය

කයිලි ක්‍රිස්ටන් ජෙනර් කියන්නේ නිරූපිකාවක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. ඇය උපත ලබන්නේ 1997 අගෝස්තු 10 වන දා ය.

2012 දී වසරේ දී ඇය පැක්සන් නම් ඇඳුම් වෙළඳ නාමය සමඟ ඇගේ සහෝදරිය කෙන්ඩල් සමඟ කටයුතු කළ අතර, “කෙන්ඩල් සහ කයිලි” යනුවෙන් ඇඳුම් පැළඳුම් මාලාවක් නිර්මාණය කළා. 2015 දී ජෙනර්, ඇගේම කයිලි ලිප් කිට්ස් නම් විලවුන් නිෂ්පාදන මාලාවක් ආරම්භ  කළ අතර, එය ඊළඟ වසරේදී කයිලි විලවුන් ලෙස නම් කළා. කෙන්ඩල් සහ කයිලි නම් අයිටියුන්ස් ඇප් වෙළඳසැලේ අංක එකේ ස්ථානයට පැමිණි ජංගම යෙදුමක් ද ඔවුන් නිකුත් කළා.

2017 දී ජෙනර් ෆෝබ්ස් ප්‍රසිද්ධ 100 ලැයිස්තුවට ඇතුළත් වූ අතර එම ලැයිස්තුවේ සිටි ලාබාලතම පුද්ගලයා බවට පත් වුණා.  2017 අගෝස්තු 6 වන දින ජෙනර් “ලයිෆ් ඔෆ් කයිලි” හි රඟපෑම් කටයුතු ආරම්භ කළා. 2018 නොවැම්බර් වන විට නිව් යෝර්ක් පෝස්ට් විලාසිතා කර්මාන්තය  වඩාත්ම බලගතු කීර්තිමත් තැනැත්තිය ලෙස ඇයට ගෞරව නාම හිමි වුණා.

 2020 මැයි මාසයේදී, ෆෝබ්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් ජෙනර් ව්‍යාජ බදු ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් ඇය කෝටිපතියෙකු ලෙස පෙනී සිටියා. කයිලි විලවුන් සඳහා ආදායම් වාර්තා සකස් කළ බවට ප්‍රකාශනයක්ද ඇයට විරුද්ධව චෝදනාවට ලක් වුණා……