ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ දිවි ගලවා ගැනිමට උපකාර කළ දොර වෙන්දේසි වෙයි

ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ දිවි ගලවා ගැනිමට උපකාර කළ දොර වෙන්දේසි වෙයි

සුප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයට අනුව රෝස්ගේ දිවි ගලවා ගැනිමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසියේ දී අලෙවි වී තිබෙනවා.

ඒ, අමෙරිකානු ඩොලර් 718,750කට බවයි සඳහන් වන්නේ.

ටයිටැනික් චිත්‍රපටයේ රෝස් ජැක්ට “මම කවදාවත් යන්න දෙන්නේ නැහැ” කියා පොරොන්දු වූයේ මෙම ලී පුවරුව උඩදී.

මේ පිළිබඳව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ තමන් එම දර්ශන තලය ගත්තේ එම කතාව වෙනුවෙන් ප්‍රධාන චරිතයක් මියයාමට අවශ්‍ය නිසා බවයි.

වෙන්දේසි වූ මෙම ලී කොටස මීටර් 2.5ක් පමණ දිගින් සහ මීටර 1ක් පමණ පළලින් යුත් ලී කොටසක් බවයි සඳහන් වන්නේ.

https://rb.gy/xlsi37

COMMENTS