පන්ජාබ් කිංග්ස් ඉතිහාසය වෙනස් කරයි

පන්ජාබ් කිංග්ස් ඉතිහාසය වෙනස් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයේ සුපිරි ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 18යි පන්දු 4ක් තුළ එම ඉලක්කය පසු කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 261ක් වාර්තා කළා.

එහි දී කොල්කටා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ගෙන දුන් ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 138ක සබඳතාවක් ගොඩ නැගුවේ සුනිල් නරේන් ලකුණු 71ක් ද පිල් සෝල්ට් ලකුණු 75ක් ද වශයෙන් වාර්තා කරමින්.

අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් ද වේගවත් අයුරින් ලකුණු වාර්තා කළ අතර ඔවුන් පන්ජාබ් පන්දු යවන්නන්ට මහත් හිසරදයක් බවට පත් වුණා.

පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී අර්ශදීප් සිං කඩුලු දෙකක් දවා ගත් අතර, හර්ෂාල් පටෙල්, රාහුල් චහාර් සහ සෑම් කරන් කඩුලු එක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ලකුණු 262ක දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යාමට පිටියට පිවිසි පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දෙන්නට ආරම්භක පිතිකරු යුගලය වූ ජොනී බෙයාර්ස්ටෝ සහ ප්‍රබ්සිම්රාන් සිංට හැකි වුණා.

ප්‍රබ්සිම්රාන් සිං පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක් ලබා ගත් අතර, අනෙක් ආරම්භක පිතිකරු වූ ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 108ක් ලබා ගත්තා.

එය බෙයාර්ස්ටෝගේ දෙවැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් ශතකයයි.

තව ද දෙපිළේ ම ආරම්භක පිතිකරුවන් ලකුණු 50 සීමාව පසු කළ අතර එය ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ආරම්භක පිතිකරුවන් සිව් දෙනා ම ලකුණු 50 සීමාව පසු කළ පළමු වතාවයි.

තව ද පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ශෂාන්ක් සිං පන්ජාබ් පන්දු 26ක දී වේගවත් ලකුණු 66ක් වාර්තා කළා.

මේ අතර පන්ජාබ් කණ්ඩායම හඹා ගිය මෙම ලකුණු සංඛ්‍යාව විස්සයි විස්ස ජාත්‍යන්තර සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් හඹා ගිය වැඩි ම ලකුණු සංඛ්‍යාව ද වනවා.

තව ද මෙම තරගයේ දී හයේ පහර 42ක් දෙපිළ විසින් ම වාර්තා කළ අතර එය කණ්ඩායමක් තරගයක දී වාර්තා කළ වැඩි ම හයේ පහර සංඛ්‍යාව ද වනවා.

COMMENTS