කඩේ යද්දී මේ ගැන දැනගෙන යන එක වැදගත්

කඩේ යද්දී මේ ගැන දැනගෙන යන එක වැදගත්

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී ලබා දෙන සිලිබෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

පෙත්සම කැද වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අවන්ති පෙරේරා මහත්මිය මෙම දැනුම්දීම සිදුකළා.

පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් සදහන් කර තිබුණේ භාණ්ඩ මිලදී ගැනීමේ දී පරිභෝගිකයන් සදහා වෙළදසැල්වලින් ලබාදෙන සිලි මලු හේතුවෙන් විශාල හානියක් සිදුවන බවයි.

එම මලු සදහා මුදලක් අය කළ හොත් ඒවා භාවිතය අධ්‍යර්මත් වනු ඇතැයි පෙත්සම්කාර පාර්ශවය මෙහිදි දන්වා සිටියේ.

ඒ හරහා පරිසර හානිය අවම කර ගැනීමට හැකි බව ද ඔවුන් මෙහිදි කරුණු දැක්වුවා.

මෙහිදි පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ වෙළදසැල්වලින් භාණ්ඩ නිකුත් කිරීමේ දී සිලි මලු සදහා අය කිරීම වළක්වාලමින් එම අධිකාරිය යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බවයි.

මෙහිදි පෙත්සම්කාර පාර්ශවය සැහීමකට පත්ව බව සදහන් කළ අතර අනතුරුව පෙත්සම් විභාගය ද අවසන් කෙරුණා.

COMMENTS