වේලාවේ වෙනසක්

වේලාවේ වෙනසක්

ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර එම ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ යනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් පෘථිවියේ වේලාවෙහිද වෙනස් සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවයි විශේෂඥයින් මත පළකරනු ලබන්නේ.

California විශ්වවිද්‍යාලයේ San Diego මේ සම්බන්ධව ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

” මෙය පෙර නොවූ විරූ තත්වයක් සහ විශාල විපර්යාසයක්”. “එය කිසියම් ව්‍යසනයකට හෝ වෙනත් දෙයකට තුඩු දෙන පෘථිවි භ්‍රමණයේ විශාල වෙනසක් නෙමෙයි. නමුත් එය සැලකිය යුතු දෙයක්. අපි ඉතා අසාමාන්‍ය කාලයක සිටින බවට එය ඇඟවීමක්.

මෙය තත්පර ගණනක වෙනසක් වුවත් එම කුඩා කාලය පරිගණක භාවිතයේදී වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

https://rb.gy/5cneet