මෛත්‍රීට අධිකරණයෙන් නියෝගයක්

මෛත්‍රීට අධිකරණයෙන් නියෝගයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අප්‍රේල් 4 වැනිදා අධිකරණයට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට ඔහු මහනුවරදී පසුගිය 22 වනදා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙනුයි.

කෙසේවෙතත්, ඊට පසුදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ සති 03කට පෙර තමන්ට ලද තොරතුරකට අනුව එම ප්‍රකාශය කළ බවයි.

මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

එවන් පසුබිමක් හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කරනු ලැබුවා.