නුවර වැවේ සිටින මාංශ භක්ෂක මාළුවට කරන්න යන වැඩේ

නුවර වැවේ සිටින මාංශ භක්ෂක මාළුවට කරන්න යන වැඩේ

Alligator Gar නම් අක්‍රමණශීලී මාංශ භක්ෂක විශේෂයට අයත් මත්ස්‍යයා මහනුවර වැවෙන් ඉවත් කිරීමට මහනුවර කලාප වාරිමාර්ග දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබෙනවා .

වැවේ සෙසු මසුන් පක්ෂීන් පවා ආහාරයට ගන්නා මෙම විශේෂයේ එක් මත්ස්‍යෙයකු මහනුවර වැවේ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර මෙම මසුන් ව්‍යාප්තවීමෙන් සෙසු ජීවීන්ට අවදානම් තත්ත්වයක් උද්ගතවන බවයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ.

අධික වැසි සමයේ වැවේ ජලය වාන් දැමීමත් සමඟ මෙම ජීවියා මැද ඇල ඔස්සේ මහවැලි ගංගාව වෙත සංක්‍රමණයවීමේ අවදානමක් ද පවතිනවා

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වන විට නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය (NARA) හා එක්ව ඉදිරි දින කිහිපය තුළදී මත්ස්‍යයා අල්ලාගැනීමට කටයුතු කරන බව මහනුවර ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු අයේෂා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළා.