ඥාණසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

ඥාණසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියෝග කළා.

ඒ 2016 වසරේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් කළ ප්‍රකාශයක් මත නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

2016 වසරේ මාර්තු 30 වැනිදා කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාසයක් වන අයුරින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ල ගොනු කර තිබුණා.

ඊට අදාළ නඩුව වසර 8කට ආසන්න කාලයක් නඩුව විභාග කෙරුණේ කොළඹ මහධිකරණයේදීයි.

ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කළා.

නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව අධි චෝදනා 2ක් යටතේ නඩු පවරා තිබූ අතර, එම එක් චෝදනාවකට වසර 2ක බැගින් මෙලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණේ.

නියෝගය ලබා දෙමින් මහධිකරණ විනිසුරුවරයා කියා සිටියේ භික්ෂුවක් ලෙස අන්අයට වඩා ජාතික සහ ආගමික සහජීවනය පිළිබඳව මීට වඩා දැඩිව අවධානය යොමු කළ යුතු බවයි.

මෙහිදී පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ, එම කාල වකාවනුවේ රට තුළ පැවති වාතාවාරණය අනුව තම සේවාදායකය මෙම ප්‍රකාශය කර ඇති බවයි.

මෙලෙස භික්ෂුවක් වගකීම් විරහිතව කටයුතු කිරීම හරහා අනාගතයේදී දිනක අපරට තුළ පෙර පැවති ආකාරයෙන් ජාති සහ ආගම් අතර යළි ආරවුල් ඇතිවීමේ ප්‍රවණතාවක් මතුවිය හැකි බවද මහධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙහිදී අවධාරණය කර සිටියා.

අනතුරුව බරලතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැළිකඩ බන්ධනාගාරය වෙත මෙලෙස රැගෙන ගියා.

COMMENTS