අරක්කු මිල අඩු කරන කතාව බොරු

අරක්කු මිල අඩු කරන කතාව බොරු

මත්පැන් මිල අඩු කිරීම සඳහා සුරාබදු අඩු කරන බවට පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එවැනි සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා තම දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීමක් හෝ උපදෙස් ලබාදීමක් සිදු කර නොමැති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එළඹෙන සිංහල අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සහ කරන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකද පසුගියදා ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහෙත් සුරාබදු අනුපාතිකයන් පහළ හෙළීමක් හෝ කිසිදු මත්පැන් වර්ගයක මිල අඩු කිරීමක් සිදු නොවන බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

COMMENTS