ඇපල්, මෙටා හා ගූගල් සමාගම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

ඇපල්, මෙටා හා ගූගල් සමාගම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

ලොව විශාලතම තාක්ෂණික සමාගම් ලෙස සැලකෙන ඇපල් ,මෙටා හා ගූගල් සමාගම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව යුරෝපා සංගමය නිවේදනය කරනවා.

ඇපල් / මෙටා හා ගූගල් සමාගමට අයත් ඇල්ෆබට් යන සමාගම්වල ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදුකරන බවයි යුරෝපා සංගමය සදහන් කරන්නේ.

2022 වසරේ හදුන්වාදුන් ඩිජිටල් වෙළෙදපොල සම්බන්ධ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම සමාගම්වලට චෝදනා එල්ලවනවා.

නීති කඩකර ඇති බවට සනාත වුවහොත් එම සමාගම්වල වාර්ෂික ආදායමෙන් සියය 10ක පමණ මුදලක් දඩ ලෙස යුරෝපා සංගමය ලබාදීමට ඔවුන්ට සිදුවනවා.

මීට සති කිහිපයකට පෙරද යුරෝපා සංගමය ඇපල් සමාගමට යුරෝ බිලියන එකයි දශම අටක දඩ මුදලක් පැනවූවා.

https://rb.gy/7tm0gc

COMMENTS