ලංකාවේ අවම වැටුප ඉහළට

ලංකාවේ අවම වැටුප ඉහළට

ජාතික අවම වැටුප් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500 ලෙස නියම වී තිබූ අතර එය 17,500 දක්වා වැඩි කිරීම සඳහා මෙසේ අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇති.