නැවක් ගැටී පාලමක් කඩා වැටෙයි

නැවක් ගැටී පාලමක් කඩා වැටෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පාලමක බහාලුම් නෞකාවක් ගැටීමෙන් එය සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ නිසා පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක් ගඟට වැටී ඇති බවයි වාර්තා කර ඇත්තේ.

පාලම සම්පූර්ණයෙන්ම පහළ ඇති පැටප්ස්කෝ ගඟට කඩා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල දක්නට ලැබෙනවා

නැව් ලුහුබැඳීමේ දත්ත වලට අනුව එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ යතුරු පාලම මෙලෙස කඩා වැටී ඇත්තේ සිංගප්පූරුවේ ධජය සහිත ඩාලි බහාලුම් නෞකාවේ ගැටීමෙන්.

මෙම යාත්‍රාව මීටර් 300 ක් දිග වන අතර එය ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා යාත්‍රා කරමින් තිබූ බව සඳහන්.

https://rb.gy/j4oju9

COMMENTS