මුඛ පිළිකාවෙන් දිනකට තිදෙනෙකු මිය යයි

මුඛ පිළිකාවෙන් දිනකට තිදෙනෙකු මිය යයි

මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් තිදෙනෙකු මිය යන බව සෞඛ්‍ය අංශ පවසනවා.

බුලත්, දුම්කොළ මෙන්ම විවිධ නම්වලින් අලෙවි කරන මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බොහෝ තරුණයින් අතර මුඛ පිළිකාව ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.

මුඛයේ ඇති වන රෝගාබාධ හේතුවෙන් හෘද රෝග හා නිව්මෝනියාවද ඇති විය හැකි බවටයි වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ ලෝක මුඛ සෞඛ්‍ය දිනය සෑම වසරකම මාර්තු 20 වැනිදාට යෙදී තිබූ අතර සතුටු මුවයි සුවැති සිරුරයි යන්න මෙවර එහි තේමාවයි.

මේ අතර දෛනිකව මුඛ පිළිකා රෝගීන් 6 දෙනෙක් අලුතින් ලියාපදිංචි වන බවත් දිනකට පුද්ගලයින් තිදෙනෙක් මුඛ පිළිකා හේතුවෙන් මිය යන බවත් මෙහිදී අනාවරණ වුණා.