HIV සාර්ථකව ඉවත් කිරීමේ ක්‍රමයක් සොයාගනී

HIV සාර්ථකව ඉවත් කිරීමේ ක්‍රමයක් සොයාගනී

නොබෙල් ත්‍යාගලාභී Crispr ජාන සංස්කරණ තාක්‍ෂණය භාවිත කරමින් ආසාදිත සෛලවලින් HIV සාර්ථකව ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සොයා ගෙන තිබෙනවා.

ඒ ඔස්සේ HIV ආසාදිත සෛල විනාශ කරමින් එම DNA ශරීරයෙන් ඉවත් කර හරින බවයි සඳහන් වන්නේ.

මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එහි බලාපොරොත්තුව වී ඇත්තේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම HIV වෛරසය ඉවත් කිරීමයි.

දැනට පවතින HIV ඖෂධ මගින් වෛරසය පාලනය කළ හැකි වුවත් එය සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකියි.

ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ කණ්ඩායම ඔවුන්ගේ මෙම මුල් සොයාගැනීම් පිළිබඳ මෙම සතියේ වෛද්‍ය සම්මන්ත්‍රණයකදී සාරාංශයක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම Nottingham විශ්ව විද්‍යාලයේ ප්‍රාථමික සෛල සහ ජාන ප්‍රතිකාර තාක්ෂණ සහකාර මහාචාර්ය වෛද්‍ය James Dixon සඳහන් කරන්නේ මෙම සම්පූර්ණ සොයාගැනීම පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය වන බවයි.

https://shorturl.at/lsvQU