රංගනය – විවාහය එපා වී පූජා ලෞකික ජීවිතයට සමුදෙයි ?

රංගනය – විවාහය එපා වී පූජා ලෞකික ජීවිතයට සමුදෙයි ?

සම්මානනීය ජනප්‍රිය නිළියක වන පූජා උමාශංකර් කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

සිය පුද්ගලික අභියෝග හා බලාපොරොත්තු සුන්වීම් නිසා කලකිරුණු පූජා ශ්‍රී ලංකාවෙන් සමුගෙන පසුගියදා යළි ඉන්දියාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ශ්‍රද්ධාවෙන් යුතුව තම ජිවිතය ගෙනයෑම සඳහා මෙලෙස අධ්‍යාත්මික පැත්තට යොමු වී ඇති බවද සඳහන්.

මේ දිනවල ලංකාවේ තිරගත වෙන දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සරෝෂන්මුගම් අධ්‍යක්ෂණය කළ සිහිනයකි ආදරේ සිංහල චිත්‍රපටය ඇයගේ සිනමා දිවියේ අවසන් චිත්‍රපට රංගනය ලෙස සැළකෙනවා.

පූජා නැවත ලංකාවට නොපැමිණීමට දැඩි තීරණයක් ගෙන ඇති අතර රංගන දිවියට සම්පුර්ණයෙන්ම තිත තැබීමට තීරණය කර තිබෙනවා.

තම විවාහ දෙකේ පසුබෑම නිසා කලකිරීමෙන් සිටි ඇය කාලයක සිට අතෘප්තිමත් හැඟීමකින් කටයුතු කර ඇති අතර ඒ හේතුවෙන් මෙලෙස අධ්‍යාත්මික ජීවිතයකට යොමු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ තීරණය නිසා ඇයට ආදරය කරන බොහෝ පිරිසක් වඩාත් කනස්සල්ලට පත්වී සිටිනවා.

ශ්‍රී ලංකාවේ ඉපදුණු පූජා ගෞතම් උමාශංකර්, සිංහල, දෙමළ, තෙලිඟු, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිළියක්.