ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

දකුණු කොරියාවේ යෙචියොන් හිදී පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ අද (05) පැවැති මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තරා, ෂෙහාන් දිල්රංග සහ තරුෂි දිල්සරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්.

එමෙන්ම අද මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූ අතර, තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට මලිත් යසිරු ද සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වට විට රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 02ක් ලබා ගනිමින් පදක්කම් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවෙනවා.

COMMENTS