පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක්

කුරුණෑගල තොරයාය අටමුණේ ප්‍රදේශයේ මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරුවන් බිහි කර තිබෙනවා.

පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු මෙලෙස බිහිකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අලුත උපන් දරුවන් සිව් දෙනා සහ මව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරීවේද විශේෂඥ කථිකාචාර්ය සම්පත් ඥාණරත්න සදහන් කලේ.

නිවුන් දරුවන් බිහි කල මව 30 හැවරිදි වියේ පසුවන පාසල් ගුරුවරියක්.

දරුවන්ගේ පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිළදාරියෙකු බව වාර්තා වෙනවා.

දරුවන් සිව් දෙනා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා.