ඇමරිකාව චීන බැලුනය බිම දමයි – බැලුනය විනාශ කිරිමර චීනය හෙළා දකී

ඇමරිකාව චීන බැලුනය බිම දමයි – බැලුනය විනාශ කිරිමර චීනය හෙළා දකී

ඇමරිකානු ගුවන් සීමාවේ පාවෙමින් තිබූ යෝධ චීන බැලුනය ප්‍රහාරක ජෙට් යානයක් මගින් මිසයිලයක් එල්ල කර මෙම බැලූනය විනාශ කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

කැරොලයිනා මුහුදු සීමාවට ඉහළින් සිදුකළ මෙම මෙහෙයුම සඳහා කැරොලයිනා ප්‍රාන්තයේ ගුවන් තොටුපල 3 ක් වසා දමා තිබුණා.

එහි සුන්බුන් කැරොලයිනා ප්‍රාන්තයේ මර්ටල් වෙරළ ආසන්නයේ කිලෝමීටර 11 ක් පුරා පැතිර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම සුන්බුන් එක්රැස් කිරීම සඳහා නෞකා දෙකක් සහ දොඹකරයක් යොදා ඇති බව සඳහන්.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් තම චීන සංචාරය ද කල් දමනු ලැබුවේ සැකකටයුතු චීන බැලුනයක් ඇමරිකානු ගුවන් සීමාව ආක්‍රමණය කිරීම රටේ ස්වෛරීත්වයට හානි කිරීමක් බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත් පාලනයෙන් මිදුණු, කාලගුණ සහ විද්‍යාත්මක අරමුණක් සඳහා භාවිත කරන බැලුනයක් ඇමරිකානු ගුවන් සීමාවේ ආයාලේ පාවීම සම්බන්ධයෙන් තම කනගාටුව පළ කරන බවයි චීනය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

මේ අතර ඇමරිකානු ගුවන් සීමාවේ පාවෙමින් තිබූ චීන බැලුනය ප්‍රහාරක ජෙට් යානයක් මගින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම හෙලීම චීනය විසින් හෙළා දැක තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එම ක්‍රියාවට සිය අසතුට පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිනිසුන් රහිත මෙවැනි බැලුනයකට ප්‍රහාරයක් එල්ල කිරීම මගින් ඇමරිකාව, ජාත්‍යන්තර භාවිතයන් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

කෙසේ වෙතත් ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් චීන බැලුනය බිම හෙලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් අදාළ මෙහෙයුම සිදුකළ බවයි.

එසේම චීනය විසින් මෙම බැලුනය හිතාමතා සිය ගුවන් කලාපය වෙත යොමුකර ඇති බවට ද ඔහු චෝදනා කළා.

https://bit.ly/3RvJt6l