PUCSL සභාපති ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක්

PUCSL සභාපති ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (29) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අමාත්‍යවරයා සදහන් කළේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට අදාළ නීතිමය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය පළ කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කරයි.

“මම මින් ඉදිරියට කියන්නේ මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි ජනක රත්නායකගේ තනිමතයට තමා පහුගිය කාලය පුරා මේ කටයුතු කරලා තියෙන්නේ. ජනක රත්නායක කියන පුද්ගලයා මුළු රටක් බිත්තියට හේත්තු කරමින් මේ විදුලි කප්පාදුවටත් වගකිව යුත්තේ වෙන කවුරුත් නෙමෙයි මහජන උපයෝගීතා කොමිසමේ ඉන්න අනෙකුත් නිලධාරීනුත් නොමඟ යවමින් ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වැඩකටයුතු කරමින් මේ රටේ සමස්ත ජනතාව අසීරුතාවයට පත්කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා මේ වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ.” යනුවෙන්