Netflix වෙනස් වෙයි

Netflix වෙනස් වෙයි

එළඹෙන මාර්තු මස අග සිට Netflix සඳහා කිහිපදෙනෙකුට පොදු වූ මුර පදයක් භාවිතා කිරීමේ පහසුකම ඉවත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Netflix ‘freeloaders’ භාවිතා කරන්නන් මිලියන 100 කට අධික සංඛ්‍යාවක් සිටින බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, මෙම පහසුකම ඉවත්කිරිමත් සමඟම විකල්පයක් හඳුන්වාදීමටද ඔවුන් කටයුතු කර තිබේ.

ඒ අනුව එම පුද්ගලයින්ට Netflix ‘freeloaders’ පහසුකම නව ගෙවන ලද ගිණුමකට මාරු කිරීමට හැකි වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් Netflix ආයතනය පැවසුවේ දශකයකට වැඩි කාලයක් තුළ තම ජාලය භාවිතා කළ පළමු ග්‍රාහකයින් අහිමි වීම කනගාටුවට කරුණක් බවත් මේ හේතුවෙන් 2022 ‘දුෂ්කර වසරක්’ වූ බවත් එසේ අහිමි වූ ග්‍රාහකයින් ගණන 200,000ක් වූ බවත්ය.

මේ හේතුවෙන් Netflix සමාගම පවසන්නේ Netflix ‘freeloaders’ පහසුකම තවදුරටත් සැපයීම මඟින් සිය ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට සහ ගොඩනැගීමට ඇති දිගුකාලීන හැකියාව අඩපණ කරන බවයි.

https://cbsn.ws/3wy6trI