ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ ෂාරුක් ඉදිරියට

ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ ෂාරුක් ඉදිරියට

World of Statistics හි නවතම දත්තවලට අනුව ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත් වී තිබේ.

ඒ ඩොලර් මිලියන 770ක වත්කම්වලට හිමිකමි කියමිනි.

ඒ අනුව ආසියාවේ ධනවත්ම නළුවා බවට ද ෂාරුක් ඛාන් පත්ව තිබේ.

මෙම ලැයිස්තුවේ පළමු තැන, ඩොලර් බිලියනයක වත්කමකට හිමිකම් කියනු ලබන ඇමරිකානු ප්‍රහසන නළුවකු වන ජෙරී සයින්ෆෙල්ඩ්(Jerry Seinfeld) විසින් හිමි කරගෙන ඇති ඇති අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පිළිවෙලින් ටයිලර් පෙරී (Tyler Perry) හා ඩ්වේන් ජොන්සන්(Dwayne Johnson) පත් ව තිබේ.

ටයිලර් පෙරී ගේ වත්මක ඩොලර් මිලියන 800 ඉක්මවා ඇති අතර ඩ්වේන් ජොන්සන් ගේ වත්කම ඩොලර් මිලියන 800 ක් වේ.

ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළුවන් වන ටොම් කෘෘස්, ජැකී චෑන් හා ජෝර්ජ් ක්ලූනි යනාදීන් අභිබවමිනි.

https://bit.ly/3XFQQKt