පයාගල දී මාදැලකට හසු වූ කිඹුලා (Photos, video)

පයාගල දී මාදැලකට හසු වූ කිඹුලා (Photos, video)

අඩි 15 ක් පමණ දිගැති කිලෝ 500 කට ආසන්න බරකින් යුත් කිඹුලෙක් පයාගල කුඩා රේල් ගේට්ටුව අසලදී මාදැලකට පැටලී තිබෙනවා.

පයාගල කුඩා රේල් ගේට්ටුව ප්‍රදේශයේ මසුන් මැරීම සදහා වෙරළට මීටර් 500 ක් පමණ දුරකින් වටකර සිටියදීයි කිඹුලා පැටලී ඇත්තේ.

කිඹුලා දැලට එල්ල කළ ප්‍රහාරයෙන් දැල කැපී මාළු විශාල ප්‍රමාණයක් නැවතත් මුහුදට එක් වී ඇතැයි ද ධීවරයන් පවසනවා.

ධීවරයින් පිරිසක් එක්ව නයිලෝන් ලණු සහ කඹ ආධාරයෙන් වෙලුම් යොදා කිඹුලාව අසළ ඇති පොල්ගසක ගැට ගසා තිබෙනවා.