බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත

බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත

ආනයන හා අපනයන පාලන පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, කුකුළු කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව වර්තමානයේ පවතින මිළ අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුළත ගණනය කොට ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, මුදල් සහ වෙළඳ අමාත්‍යාංශය නියෝග කරනු ලැබීය.

ඒ, එහි සභාපති ආචාර්ය, හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

එසේම, අදාළ රෙගුලාසි පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රවල ප්‍රකාශයට පත් කරන ලද ආනයන හා අපනයන පාලන පනත යටතේ වූ රෙගුලාසි සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදීම ද මෙහිදී සිදුකෙරුණා.