දසදහසේ නෝට්ටුවක් අච්චු ගහන කතාව බොරුවක් – ශ්‍රී ලංකා මහ බැංකුව

දසදහසේ නෝට්ටුවක් අච්චු ගහන කතාව බොරුවක් – ශ්‍රී ලංකා මහ බැංකුව

රුපියල් දසදහසේ නෝට්ටුවක් මුද්‍රණය කිරීමට යන බවට පැතිර යන ප්‍රචාරය මුළුමනින් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ රුපියල් දසදහසේ නෝට්ටුවක් මුද්‍රණය කරන බවට ඇතැම් දෙනා ගෙන යන ප්‍රචාරය අමූලික බොරුවක් බවයි එම නිසා එවැනි ප්‍රචාරයන්ට රැවටෙන්නට එපා යැයි ද ඒ මහතා මහජනතා‍වගෙන් ඉල්ලීමක් කරයි.