අවුරුදු හතළිහකට පසු බේරාගත් මහගම සේකර

අවුරුදු හතළිහකට පසු බේරාගත් මහගම සේකර

රදාවාන තුංමංහන්දිය භූමියේ මහගම පිළිරුව විවෘත කිරීමේ ප්‍රවෘත්තිය දිනමිණ පුවත්පතේ පලවී (1981-12-11) අදට හරියටම වසර 40කි. එහි මහගම සේකර උද්‍යානය පිහිටුවන ලෙස ඉල්ලමින් එදා මෙදා තුළ වසර ගනණාවක සිටම පුවත්පත් ලිපි රාශියක්ම පලකරනු ලැබූවත් එය බලධාරීන් කිසිවෙකුගේවත් නෙත ගැටී නොමැත. අවසානයේදී තුංමංහන්දිය මහගම සේකර විදුහල් ආදි ශිෂ්‍ය නායක සංසදයේ කාරුනික ඉල්ලීමට එකඟ වෙමින්, නාගරික සංවර්ධන ‍රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය්‍ය නාලක ගොඩහේවා මැතිඳුන්ගේ පූර්ණ මෙහෙයවීමෙන් ප්‍රතිනිර්මාණය කළ අභිනව මහගම සේකර උද්‍යානය 2021 නොවැම්බර් මස 9 වෙනි දින ජනතා අයිතියට පත්කරන ලදී.

කලක් තිස්සේ වල් බිහිවී , කැඩී බිඳී ගිය ගඩොල් කැබලි සහිත සුන්බුන් වලින් අවලස්සන වී තිබුන භූමිය දැන් මනා ලෙස පිරිසිදු කර සේකර නිර්මාණ අගයන සුළවතුනට දහවල් කාලයේ පමණක් නොව සන්ධ්‍යා සමයේද එහි පැමිණ අසුන් ගෙන සේකර නිර්මාණ සිහිපත් කරමින් විදුලි ආලෝක මධ්‍යයේ රාත්‍රී කාලය වනතෙක් වුවද එහි නැවතී අවට පරිසරයේ සිරි විඳිමින් විඩා නිවාගැනීමට හැකිවන ලෙස මෙය නිමා කොට ඇත.

එදින විවෘත කිරීමේ උත්සවය අවසානයේදී රදාවාන ග්‍රාමයට ආසන්නයෙන් වූ වායුසමනය කළ හෝටල් ශාලාවක ‘සේකර සම්භාවනා ශ්‍රව්‍ය දෘශ්‍ය මියැසි විචිත්‍රාංගය’ ඉදිරිපත් කෙරිනි.පුරා හෝරා 2කට ආසන්න කාලයක් තුළ සේකර ගීත බොහොමයකට සවන් දෙමින් දැහැන් ගත වීමේ භාග්‍ය අපට උදාවිය. ප්‍රවීණ ගීත රචක බන්ධුල නානායක්කාරවසම් මහතා සංගීත සන්ධ්‍යාව මෙහෙයවන ලදි. බිත්ති කඩා බිඳ දමා මහ පොළොවට සමතලා කර තිබූ මහගම සේකරයන් වාසය කළ නිවස තිබූ ස්ථානය ද ඒ අතරතුර සජීව ලෙස වීඩියෝ දර්ශන මඟින් අපට දැක ගැනීමට ඉඩ සලසා තිබුනි.

නවීකෘත සේකර උද්‍යානය සහ සේකර බුහුමන් සාවිය නොවැ 09 වැනිදා සවස 5.15ට නිරාවරණය වුනා.

නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ පූර්ණ දායකත්වයෙන් ඉදි වූ සේකර උද්‍යානය එතුමන් විසින් නිරාවරණය කළ ඵලකය , විශාරද එඩ්වඩ් ජයකොඩි වැනි සේකර ප්‍රේමීන් හා රදාවාන ජනතාව සහ රසික ජනතාවද එක් වුනා, රදාවාන මහගම සේකර විදුහලේ ආදී ශිෂ්‍ය නායක සංසදයේ ඉල්ලීමකට අනුග්‍රහය දක්වමින් ගරු අමාත්‍යතුමන් නගර සියය ව්‍යාපෘතියටද රදාවාන ඇතුලත් කරගැනීම නාගරික සංවර්ධන අධිකාරියෙන් යුග පුරුෂයෙකුට කෙරෙන අපූරු උපහාරයකි .

මෙය හුදු නිරාවරණයක් නොකොට සේකර ට අහිමි වූ සේකරට අසාධාරණය සිදුවූ මරණින් පසු පවා මේ යුග පුරුෂයා ගැන කිසිවක් නොකෙරුණු රටක , මේ සදහා තුන් සිතින් ම වෘත්තීයමය අනුග්‍රහය ලබා දුන් ප්‍රවීන ගේය පද රචක බන්දුල නනායක්කාරවසම් මහතා සිහිපත් කරන්නේ හදවතේ ගැඹුරම තැනින් උපන් සෙනෙහසිනි.

අනාගත පරපුරට හෝ සේකර ඉතිරි කර ගැනීමට ඔහුගේ නිර්මාණ යම් තරමකින් හෝ කතා කෙරෙන සංගීතමය වෑයමක් කිරීමට කතිකා කර එය මෙතෙක් සේකරයන් වෙනුවෙන් සිදු කල විශිෂ්ටම උපහාරය බවට පත් කිරීම වෙනුවෙන් ඔහුගේ නාමයෙන් එකතු වූ සියලු සේකර ප්‍රේමීන් මහත් ආදරයෙන් සිහි කරමි.