උපාධිධාරීන් 53,000ක් රජයේ ස්ථිර කරයි, වැටුපත් ඉහළට

උපාධිධාරීන් 53,000ක් රජයේ ස්ථිර කරයි, වැටුපත් ඉහළට

රාජ්‍ය සේවයට බදවා ගත් උපාධිධාරීන් 53,177කගේ පත්වීම් ජනවාරි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර කිරීමට කටයුතු ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ එම උපාධිධාරීන්ට රුපියල් 31,490ක මූලික් වැටුපක් ද දීමනාව සහිතව රුපියල් 41,490ක වැටුපක් ද හිමිවනු ඇති බවයි.

එමෙන්ම එම පිරිස අතරින් 7000කට ආසන්න පිරිසකගේ පත්වීම් ස්ථීර කිරීමේ ලිපි ලබාදීමට හැකි වන්නේ ලබන අප්‍රේල් මාසයෙන් පසුව බවද අමාත්‍යවරයා පැවසීය.

ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඔවුන්ගේ වසරක පුහුණුව අවසන් වන්නේ ලබන මාර්තු මාසයේදී වීම නිසා බවයි.