විදේශ විනිමය ගැටළුව බෙහෙත් වලටත් බලපෑමක් කරයි

විදේශ විනිමය ගැටළුව බෙහෙත් වලටත් බලපෑමක් කරයි

විදේශ විනිමය ප්‍රශ්නය නිසා ඖෂධ ගෙන්වීමටද යම් බලපෑමක් එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

කෙසේ වෙතත් රටේ ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා සෑමවිටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්දී ඇතැයිද සඳහන් කළේය.

රටේ ඖෂධ හිඟයක් ඇති නොවන තැනට කටයුතු සිදුකරන බවද රඹුක්වැල්ල මහතා පැවසුවේය.

මේ අතර ණයවර ලිපිවලට ගෙවීම් කිරීමේදී විශේෂයෙන්ම ඖෂධ සඳහා ප්‍රමුඛත්වය ලබාගැනීමට කටයුතු කරන්නැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.

එසේ නොවුණහොත් රටේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවද එම ආයතනය පෙන්වාදී ඇත.